අද සිට ආගමික වතාවත් සඳහා එක්රැස් වීමට අවසර

ආගමික ස්ථානවල වතාවත් සිදු කිරීම සඳහා මෙන්ම පුද්ගල එක්රැස්වීම් සඳහාද අද සිට අවසර ලබා දී ඇත.එලෙස එක් රැස් විය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 50 කට සීමා කර තිබෙන බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබෙන්නේ.

එක්රැස්වීම වලදී පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු බවද සෞඛ්‍ය අංශ තවදුරටත් සඳහන් කර තිබෙනවා.