හිරු නැගීම – 06 : 03
හිරු මුදුන් වීම – 12 : 13
හිරු බැසීම – 18 : 23
අද අගොස්තු මාසේ දාහත්වෙනිදා , සෙනසුරාදා .
ගොඩක් අයට අද නිවාඩු දවසක් වෙන නිසාත් , මේ ටිකේ ලංකාවේ ගොඩක් පැති වලට වහින නිසාත් අද ටිකක් දවල් වෙනකම් සැපට නිදා ගන්න පුළුවන් . නින්ද කියන දේ අපි හැමෝම වගේ ආස කරන දෙයක් නේ . සරලව කිව්වොත් විශේෂ හේතුවක් නැත්නම් නින්දට අකමැති කෙනෙක් නැතිම තරම් . නින්ද කියන්නේ එක්තරා ආකාරයක ගැලවීමක් , අපිට නිදා ගත්තම මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයකින්ම තාවකාලිකව ගැලවෙන්න පුළුවන් . එක්තරා ආකාරයක refresh වීමක් තමයි නින්ද කියන්නේ .
නින්ද අපිට නැතුව බැරි දෙයක් . මොකද අපේ ශරීරයේ දේවල් හොඳින් වෙන්න නම් හොඳ නින්දක් කියන දේ අවශ්‍යයි . ඉතින් හැමදාම බැරි වුණත් සතියකට සැරයක් හරි හොඳට හිත ඇති වෙනකම් නිදා ගන්න උත්සාහ කරන්න . .
අද දවස ගත්තොත් අද තියෙන විශේෂත්වය තමයි අද World Honey Bee Day එක . මී මැස්සෝ නැත්නම් මේ ලෝකේ පවතින්නේ නැහැ , ඒ කියන්නේ සෙන්ටිමීටර එකක් දෙකක් වගේ දිග මේ පුංචි සත්ත්වයා නිසා තමයි මිනිස්සු අපේ පැවැත්මත් රඳා පැවතිලා තියෙන්නේ . ලෝකයේ පරාගන කාර්යයට වැඩි දායකත්වයක් දෙන්නේ මේ මි මැස්සෝ . ඉතින් එයාල නිසා තමයි ගස්වල ගෙඩි හට ගන්නේ . අපි food city එකට ගිහින් බඩු අරන් ආවට ඒ බඩු ඔක්කොම වගේ හැදිලා තියෙන්නේ ශාක මුලාශ්‍ර උපයෝගී කර ගනිමින්. හිතන්න මේ ලෝකේ තිරිඟු සහ ඉරිඟු අස්වැන්න බින්දුව වුණා කියලා , එහෙම වුණොත් food city එකේ තියෙන කෑම වලින් 99% ක් වගේ ප්‍රමාණයක් නැති වෙලා යනවා . ..
අද වෙනකොට මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා සහ පාරිසරක තත්ත්වයන් නිසා මේ මී මැස්සෝ විශාල වශයෙන් වඳ වෙමින් පවතිනවා . ඉතින් ඒ ගැන දැනුවත් කරමින් මෙයාලව ආරක්ෂා කර ගන්න එකේ වැදගත්කම කියලා දෙන්න තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ .
අදට යෙදිලා තියෙන තවත් දවසක් තමයි International Homeless Animals Day එක . විදී සතුන් කියන්නේ ගෙදර ඇති කරන සතුන් වගේම ආදරේ ලබන්න ආස , ආදරේ ලබන්න සුදුසු පිරිසක් . ඔයාලට ඒ සතුන්ට ආදරේ කරන්න බැරි නම් එයාලට කරදර හරි නොකර ඉන්න . ගොඩක් අය පාරේ ඉන්න අහිංසක සතුන් තමන්ගේ ගෙදර ඉඩම ලඟින් යනවා දැක්කත් එයාලට හිරිහැර කරනවා . එහෙම කරන්න එපා, මොකද ගෙදර ඇති කරන එක්කෙනා වගේම සතෙක් තමයි එයත් . පුළුවන් නම් එයාලටත් කන්න ටිකක් දෙන්න , බඩගින්න කොහේ හිටියත් හැම සත්ත්වයෙක්ටම දැනෙන දෙයක් .
එහෙනම් අදින් පටන් ගන්න දවස් තුනක සති අන්තය සතුටින් ගත කරන්න. මේ වැස්සේ කල්පනාවෙන් ඔයාලගේ වටපිට ගැන අවධානයෙන් ඉන්න .
ජය වේවා ! තෙරුවන් සරණයි !

