නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක් පනවා ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ  ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත නිරෝෂන් දික්වැල්ල හට සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට සහභාගි වීම තහනම් කර ඇති බවයි.

එම තරග තහනම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි.

එම නිවේදනය පහතින්,