රජයේ මුද්‍රණාලයේ  ආරක්ෂාව සඳහා පොලිස් මුරපොලක්

එලඹෙන  සැප්තැම්බර් මස 21 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට  ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයේ  ආරක්ෂාව සඳහා අද (14) දින සිට පොලිස් මුරපොළක් පිහිටු වීමට කටයුතු කරන බව වාර්තා වෙනවා .

රජයේ මුද්‍රණාලාධිපති චන්ද්‍රාණි ලියනගේ මහත්මියගේ ලිඛිත ඉල්ලීමක් අනුව බොරැල්ල පොලිසියට අනුයුක්ත කර මෙම පොලිස් මුරපොළ පිහිටුවන අතර   ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගෙන් සමන්විතව  පොලිස් නිලධාරීන් 60 – 70 ත් අතර ප්‍රමාණයක් ඒ සඳහා යොදවන බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 10 දෙනකු පමණ යෙදවීමටද නියමිතය.

එම පොලිස් මුරපොළ ජනාධිපතිවරණය නිමවන තෙක් ඇත .