එලඹෙන සැප්තැම්බර් මස 21 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා අද (14) දින සිට පොලිස් මුරපොළක් පිහිටු වීමට කටයුතු කරන බව වාර්තා වෙනවා .
රජයේ මුද්‍රණාලාධිපති චන්ද්‍රාණි ලියනගේ මහත්මියගේ ලිඛිත ඉල්ලීමක් අනුව බොරැල්ල පොලිසියට අනුයුක්ත කර මෙම පොලිස් මුරපොළ පිහිටුවන අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගෙන් සමන්විතව පොලිස් නිලධාරීන් 60 – 70 ත් අතර ප්‍රමාණයක් ඒ සඳහා යොදවන බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ.
ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 10 දෙනකු පමණ යෙදවීමටද නියමිතය.
එම පොලිස් මුරපොළ ජනාධිපතිවරණය නිමවන තෙක් ඇත .

