2024 – 06 – 08

හිරු නැගීම – 06 : 03

හිරු මුදුන් වීම – 12 : 15

හිරු බැසීම – 18 : 26

අද අගෝස්තු මාසේ හයවෙනිදා, අඟහරුවාදා.

අගෝස්තු මාසය කියන්නේ හුලන් එහෙම හොඳට තියෙන සරුංගල් යවන මාසය නේ… පොඩි දරුවෝ නම් මේ දවස් වල හෝ ගාලා සරුංගල් යනවා බලන්න පුළුවන්. ජිවිතේ ළමා කාලය තරම් මොන කාලයක්වත් නිදහසේ අපි ගත කරන්නේ නැතුව ඇති. ඒ කාලේ අපිට තියෙන්නේ ඉතින් ඉස්කෝලේ යන්න, කන්න බොන්න, සෙල්ලම් කරලා ඉගෙන ගන්න එක විතරයි. එහෙම බරක් පතලක් නැති ලස්සන කාලයක් ඒක.

ඕනෙම කෙනෙක්ගේ ළමා කාලය එන්නේ එක පාරයි නේ. ඉතින් ළමයින්ට ඒක සතුටින් ගත කරන්න අපි ඉඩ හදලා දෙන්න ඕනේ. ළමා කාලයත් එයාලගේ නාස්ති කලොත් එයාල ජීවිතේ කිසිම කාලයක සැහැල්ලුවෙන් සතුටින් ඉඳලා නැති වෙයි.

අද දවස ගත්තොත් අද Hiroshima Day එක වෙනවා. 1945 අවුරුද්දේ අද වගේ දවසක තමයි ජපානයේ Hiroshima නගරයට පරමාණුක බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ. ඉතින් දෙවෙනි ලෝක යුද්ධ සමයේ ඇමරිකාව විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරයේ වන්දි අදටත් මේ ප්‍රදේශ වල ජිවත් වෙන මිනිසුන් ගෙවනවා. එයාලගේ විවිධ විකෘති ඇති වෙලා තියෙනවා මේ පරමාණු බලය සහ විකිරණ හේතුවෙන්.

Little Boy ලෙස හැඳින්වෙන uranium gun-type බෝම්බයක් තමයි මේ විදිහට එයාලා හිරෝෂිමාවට එල්ල කළේ. අදින් දවස් තුනකට පස්සේ, ඒ කියන්නේ අගෝස්තු නවවෙනිදා, ඇමරිකාව විසින් ආයෙමත් ජපානයේ Nagasaki නගරයට මේ වගේම පරමාණු බෝම්බයක් එල්ල කරනවා. මේ බෝම්බ අවස්ථා වල එක පාරින් මිනිසුන් 70,000 – 80,000 ත් අතර ප්‍රමාණයක් මිය යන්නට ඇති බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ.

යුද්ධය කියන්නේ කිසිම දෙයකට පිළිතුර නෙමෙයි. යුද්ධයකින් කිසිම පාර්ශවයක් ජයග්‍රහණය කරන්නේ නැහැ. අපි හැමවෙලේම බලන්න ඕනේ දෙපාර්ශවයටම හානිය අවම වෙන ආකාරයේ පිළිතුරු මිසක් තවත් ප්‍රශ්න වැලක් ඇති කරන පිළිතුරු නෙමෙයි.

ඒ වගේම ඔයා Manga arts වලට කැමති කෙනෙක් නම් ඔන්න අද Sailor Moon Day එක.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!