බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර බංග්ලාදේශ හමුදා ප්‍රධානියා ජාතිය අමතමින් නිවේදනය කළේ රට තුළ කඩිනමින් අන්තර්වාර රජයක් පිහිටුවන බවය.
“අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. මම සියලුම පක්ෂවල දේශපාලන නායකයින්ට සාකච්ඡා සඳහා ආරාධනා කළා.අපි අන්තර්වාර රජයක් පිහිටුවීමට තීරණය කළා. ඒ අනුව රට ඉදිරියේ දී පාලනය වන්නේ අන්තර්වාර රජයක් යටතේයි.”
මේ අතර ෂෙයික් හසීනාගේ අනාගත සැලසුම් ගැන අදහස් දක්වමින් ඇයගේ පුත්‍රයා සඳහන් කර ඇත්තේ, සිය මව නැවත වරක් දේශපාලනය නොකිරීමට ඉඩඇති බවය.
පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

