බයිඩන් ජනපති සටනෙන් පසු බසී

එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කර තිබෙනවා.

තම පක්ෂයේ සහ රටේ යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බවයි බයිඩන් සඳහන් කර ඇත්තේ.

අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති වරයා සිය තීරණය නිවේදනය කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ඔස්සේය