අද සිට බිත්තරයක් රුපියල් 42ට

අද සිට බිත්තරයක් රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මේ වනවිට රුපියල් 50ද ඉක්මවා ඇති බිත්තරයක මිල මෙලෙස අඩු කෙරෙන්නේ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති පසුබිමකයි.

පසුගිය වසරේ සිට බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගනු ලැබුවා.