ලබන සඳුදා සිට සති දෙකක් ගුරු විදුහල්පතිවරු අකුරට වැඩ

ලබන සඳුදා (22) සිට සති දෙකක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසනවා.

සිය ගැටලුවලට විසඳුම් ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු රාජ්‍ය නිලධාරීන්, භාණ්ඩාගාර නිලධාරීන් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡා වලින් එකඟතාවකට පැමිණීමට නොහැකිවීමෙන් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.