නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මා ඔලී ට

නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබෙනවා.

ඒ, නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත්වීමත් සමගයි.

72 හැවිරිදි වියේ පසුවන නව අග්‍රාමාත්‍යවරයා මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබෙනවා.

නව අග්‍රාමාත්‍යවරයා පත්වීමත් සමග එරට නව අමාත්‍ය මණ්ඩලය අද (15) දිවුරුම් දීමට නියමිතයි.