කලුතර සහ රත්නපුර යන දිස්ත්රික්ක වලට තව දුරටත් නාය යෑමේ අවධානම බලාත්මක කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.
ඒ අනුව කලුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල සහ පාලින්ද නුවර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයාමේ අවධානම ක්රියාත්මක වනවා.
එමෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කලවාන , කුරුවිට සහ කිරිඇල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට තවදුරටත් නායයාමේ අවධානම ක්රියාත්මක කර තිබෙනවා.

