2024 – 07 – 08

හිරු නැගීම – 05 : 59

හිරු මුදුන් වීම – 12 : 14

හිරු බැසීම – 18 : 29

අද ජූලි මාසේ අටවෙනිදා, සඳුදා.

අද අලුත් සතියක් පටන් ගන්න දවස. ඉතින් අද ඉඳන් පටන් ගන්න සතිය සුබ වේවා කියලා හිතා ගෙන අද වැඩ කරන්න පටන් ගන්න. අපේ ජිවිතේ සුබ කර ගන්න පුළුවන් අපිට මිසක් අපේ කෙන්දරයටවත්, දෙවියන්ටවත් නෙමෙයි.

ඔයාට ඔයා උදව් කර ගන්නේ නැත්නම් මේ ලෝකේ කව්රුත් ඔයාට උදව් කරන්න එන්නේ නැහැ. එත් ඔයා මහන්සි වෙනවා නම්, දෙයක් ලබා ගන්න සාර්ථක කර ගන්න උත්සාහ කරනවා නම් ඔයාට මේ ස්වාභාව ධර්මයත් උදව් වෙයි.

ඉතින් අද දවස ගත්තොත් අද Math 2.0 Day එක. ගණිතය සහ technology වලින් ලෝකයට වුණු යහපත වෙනුවෙන් තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ. සමහර අය නම් ගණන් වලට හරිම දක්ෂයි, සමහර අය නම් පට්ට දුර්වලයි. ඒක ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ අපේ මොලයේ තියෙන හැකියා අනුව.

සමහර අයගේ මොලය කලාවට ගොඩක් හැඩ ගැහිලා තියෙනවා, සමහර අයගේ මොලයට තර්ක කරන්න පුළුවන් හොඳට. ඒ හැකියා අනුව අපේ තියෙන දක්ෂතාත් එකිනෙකට වෙනස් වෙනවා.

ඒ වගේම අද Blueberry Day එක. උතුරු ඇමරිකාව නිජබිම කර ගත්ත මේ Blueberry නිල් සහ දම් පාට අතර පාටක් ගන්නවා. මේ වෙනකොට නම් මේ Blueberry ඒවගේ පැරණි තත්ත්වයෙන් ගොඩක් වෙනස් කරලා හදලා වාණිජ වගාවක් විදිහට ප්‍රචලිත වෙලා තියෙනවා.

ලංකාවේ නම් වැඩිය ප්‍රචලිත නැහැ මේවා. Blueberry වලට ආදේශක විදිහට ලංකාවේ තියෙන දන් ගන්න පුළුවන්.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!