Titanic චිත්‍රපටයේ නිෂ්පාදක Jon Landau අභාවප්‍රාප්ත වෙයි

Titanic සහ Avatar ඇතුළු ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට කිහිපයක නිෂ්පාදකයා වූ ඔස්කාර් සම්මානලාභී Jon Landau අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 63 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසරකට වැඩි කාලයක් ඔහු පිළිකා රෝගයෙන් පෙලුණු බවයි.

ඔහු ලැන්ඩෝ හොලිවුඩ් නිෂ්පාදකයින් වන එලී සහ එඩී ලැන්ඩෝගේ පුත්‍රයා වූ අතර කලක් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන 20th Century Foxහි විධායකයෙකු ද වනවා.