ගත වූ මාස හයට ඩෙංගු රෝගීන් 27,755ක්

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග තවදුරටත් ඩෙංගු රෝගීන් ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු කියා සිටියේ පැය 48 කට වඩා උණ පවතීනම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් යෝග්‍ය බවයි.

මෙම වසරේ මුල් මාස 6 තුළ රෝගීන් 27,755 දෙනෙකු වාර්තාවී ඇති අතර, මරණ 9 ක් සිදුව තිබෙනවා.

එමෙන්ම මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 13 ක් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.