ඩොලර් බිලියන 12.5 ක වටිනාකමකින් යුත් විදේශ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ජාත්‍යන්තර බැදුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව එකගතාවයකට පැමිණි තිබෙනවා.
මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක්ද වනවා.
ඒ හරහා ශ්‍රී ලංකාව විදේශ බැදුම්කර හිමියන්ට ගෙවීමට ඇති ණය ප්‍රමාණයෙන් සියයට 28ක අඩුවීමක් සිදුවනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවීම නවතා දමා ඇති අතර මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදේශ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට නිර්දේශ කර තිබුණා.

