විමධ්‍යගත අයවැයෙන් අනුමත ව්‍යාපෘති සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති 2024 අගෝස්තු 31 වැනිදාට පෙර අවසන් කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් MF/02/2023-(iv) චක්‍රලේඛය ම‍ඟින් උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.