දෙවන රබර් පර්යේෂණ ආයතනය මොණරාගලට

ශ්‍රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය මොණරාගල – කුඹුක්කන ප්‍රදේශයේ පිහිටුවා තිබෙනවා.

පෙරේදා (05) විවෘත කළ මෙම රබර් පර්යේෂණායතනය ඉදිකිරීමට රජය විසින් වැය කරන ලද මුදල රුපියල් මිලියන 11ක් ලෙසයි දැක්වෙන්නේ.

රබර් කිරිවල ප්‍රමිතිය පරීක්ෂා කර බැලීම සඳහා මෙතෙක් කළක් මොණරාගල සිට අගලවත්තට රබර් කිරි සාම්පල එවීමට සිදුවීමෙන් රබර් නිෂ්පාදකයින් දැඩි අපහසුතාවට පත්ව තිබුණා.

ඊට විසඳුමක් ලෙසයි මෙම දෙවන රබර් පර්යේෂණ ආයතනය මොණරාගල පිහිටුවනු ලැබුවේ.