බෙරිල් සුළි කුණාටුව වඩාත් ප්‍රචණ්ඩ වීමේ අවදානමක්

අත්ලාන්තික් කලාපයට බලපා ඇති බෙරිල් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී වඩාත් චණ්ඩ විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අංශ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

පැයට කිලෝමීටර් 179 ක වේගයෙන් හමා යා හැකි එය, එම කළාපයට මෙම වසරේ බලපා ඇති ප්‍රථම සුළි කුණාටුව වනවා.

කැරිබියන් දුපත් වන බාබඩෝස්, ඩොමිනිකා, ග්‍රෙනාඩා සහ මාටිනික් යන දූපත්වලට මෙමඟින් දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව සඳහන්.

මේ වනවිට බාබඩෝස් හි වෙළඳසැල්වල ආහාර, ජලය සහ වෙනත් සැපයුම් මිලදී ගැනීම සඳහා ජනතාවගෙන් පිරී ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.