රාත්තල් 2000 ක් බරැති ඇති විනාශකාරී බෝම්බ දස දහසකට වැඩි ප්‍රමාණයක් ඇමරිකාව විසින් ඊශ්‍රායලයට ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙනවා.
ඒ ඊශ්‍රායලය විසින් ගාසා තීරය ආක්‍රමණය කිරීමට පටන් ගත් පසුගිය ඔක්තෝම්බර් හත්වෙනිදා සිටයි.
ඇමරිකානු ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු මේ බව තහවුරු කර තිබුණා.
ඒ අනුව MK-84 රාත්තල් 2,000 බෝම්බවලින් 14,000 ක්, රාත්තල් 500 බෝම්බ 6,500ක්, 3,000 හෙල්ෆයර් මිසයිල 3,000 ක් ලබාදී ඇති බවටයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.

