ගතවූ මාස හයක කාලයේදී ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල, සියයට 7.3 කින් අතිප්රමාණ වී ඇති බව මහ බැංකුව පවසනවා.
කෙසේවෙතත් මැයි මාසයේදී පමණක් රුපියල අවප්රමාණ වී තිබෙනවා.
එය දැක්වුණේ සියයට 1.7ක් ලෙසයි.
මේ අතර මැයි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ඩොලර් බිලියන 5.4 ක් ලෙස සටහන් වී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

