2024 – 06 – 26

හිරු නැගීම – 05 : 56

හිරු මුදුන් වීම – 12 : 12

හිරු බැසීම – 18 : 27

අද ජුනි මාසේ විසිහයවෙනිදා, බදාදා.

අද සතියේ මැද දවස, බදාදා. තව ගෙවුනා වගේ දවස් දෙකක් තියෙනවා මේ සතියේ වැඩ කරන්න. සමහර අයට නම් දවස් දෙක හමාරක්, සමහර අයට තුනක්. එක එක රැකියා එකිනෙකට වෙනස් නේ.. ඒවාගේ නිවාඩු ලැබෙන විදිහ, රැකියාවේ ආකාරය වෙනස්.

කොහොම වුණත් අපි හැම රැකියාවකටම ගරු කරන්න ඕනේ. මොකද ඒ හැමදෙයක්ම අපේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය වෙනවා. ඔයාට ඒක හැමවෙලේම තේරෙන්නේ නැති වුණත්, ඔයාට ඒ සේවාව හෝ දේ අවශ්‍ය වුණු දවසට, ඒ සේවාව හෝ දේ සපයන අය ගැන හිතේ කෘතඥාතාවයක් ඇති වෙයි. ඒක අපිට අවශ්‍ය නොවෙන තාක් අපිට එච්චර ලොකු ගානක් වෙන්නේ නැහැ.

ඒ නිසා හැම රැකියාවක්ම හැදිලා අවශ්‍යතාවය මත පදනම්ව. අවශ්‍යතාවයක් නැත්නම් කාටවත් නිකම් පඩි දෙන්නේ නැහැ නේ එන්න කියලා නේ… (බාප්පාගේ කොම්පැනියේ වැඩ කරන අයට අදාළ නෑ ඔන්න… හිකිස්….) ඒ නිසා හැම රැකියාවක් ගැනම සමානව බලන්න.

අද ජනප්‍රිය ගායිකාවක වන Ariana Grande ගේ උපන්දිනය. එයා 1993 තමා ඉපදිලා තියෙන්නේ. එයා ගායිකාවක් වගේම රංගන කටයුතු වලත් මුල් කාලයේ නියැලිලා තියෙනවා. හැමෝම දන්නා එයාගේ චරිතයක් තමයි Cat Valentine කියන්නේ.

ඉතින් අද දවස සතුටින් ගත කරන්න. හැමදේම හරි වෙලාවට සිද්ධ වෙයි, ඒ නිසා අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන හිතලා ඔයාගේ වර්තමානය නාස්ති කර ගන්න එපා. අනාගතය හැදෙන්නේ වර්තමානයෙන්. ඒ නිසා හොඳ අනාගතයකට අඩිතාලම හොඳ වර්තමානයක්.

ජය වේවා! තෙරුවන් සරණයි!