අපොස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශයක් ලැබී තිබෙනවා.
එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට ගුරු වෘත්තිය සමිති දැනුවත් කර රාජ්‍ය සේවා කොමිසම විසින් සලකා බලා අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කිරීමට නියමිතයි.

