ලබන දෙවෙනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

ලබන මස 2 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන්නේ.

ඒ අනුව, එදින පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමට නියමිත බැවින් ඒ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගි වන ලෙස කථානායකවරයා ඉල්ලා තිබෙනවා.