වැටුප් විෂමතා වලට 2025 අයවැයෙන් විසඳුම්

සියලුම වැටුප් විෂමතා ඉවත් කර එම වැටුප් වර්ධක සහ අනෙකුත් දීමනා මෙන්ම ඒවාට විසඳුම් ලබාදීමට 2025 වසරේ අයවැය ලේඛනයට ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් යුතු විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ඇතැම් වැටුප් වැඩිවීම් සහ වැටුප් විෂමතා වැනි දේවල් සම්බන්ධයෙන් මෙම අයවැය තුළ විසඳුමක් නොමැති බව ද මෙහිදී අනාවරණය කරනු ලැබුවා.