චීනය විසින් දියත් කරන ලද Chang’e-6 යානාව, සඳේ දුරම ප්‍රදේශයේ සාම්පල ද රැගෙන නැවත පෘථිවියට පැමිණ තිබෙනවා.
එරට වේලාවෙන් පස්වරු 2 ට පමණ මෙම යානාව චීනයේ උතුරු මොංගෝලියා ප්‍රදේශයේ ඇතුලට වන්නට ගොඩ බැස ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම යානාව සඳේ දූවිලි හා පාෂාණ කිලෝග්‍රෑම් 2 ක් පමණ ප්‍රමාණයක් රැගෙන ඇවිත් ඇත.
මෙම සාම්පල ප්‍රථමයෙන් චීනයේ විද්‍යාඥයින් විසින් විශ්ලේෂණය කරනු ලබන අතර පසුව ජාත්‍යන්තර පර්යේෂකයන් වෙත ලබා දීමට නියමිතය.
drill එකක් සහ රොබෝ අතක් භාවිතා කරමින් Chang’e-6 සඳේ මතුපිට සිට මෙම සාම්පල එකතු කර තිබෙනවා.
මෙම ඓතිහාසික මෙහෙයුම සම්බන්ධයෙන් චීන ජනපති Xi Jinping ප්‍රශංසා කර ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ මෙය චීනයට සදාකාලික මතකයක් වන බවයි.

