ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150ක් අනුමත කර තිබෙනවා.
ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ මණ්ඩලය මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මක භාවය හා ප්‍රයෝජනය වැඩිදියුණු කිරීම සඳහායි මෙම මුදල ලබා දී ඇත්තේ.
අලුතින් අනුමත කරන ලද ශ්‍රී ලංකා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, මෙරට ප්‍රාදේශීය ප්‍රජාවන්ට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවල භාවිතය ඉහළ නැංවීමට හා ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට උපකාරී වනු ඇති.
ධාරිතා අභියෝග හා විධිමත් යොමු කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් ඌන උපයෝජනයට හා තෘතියික සත්කාර පහසුකම්වල තදබදයක් ඇති වීමට හේතු වී තිබෙනවා.
මීට පෙර ක්‍රියාත්මක වූ ලෝක බැංකුවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් අත්‍යවශ්‍ය උපකරණ, ඖෂධ, සෞඛ්‍ය සේවකයින් හා මූලික රසායනාගාර පරීක්ෂණ පහසුකම් සහිත ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතන 550ක් දැනටමත් වැඩිදියුණු කර තිබෙනවා.
නව ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවලින් 100%ක් ආවරණය වන පරිදි එය පුළුල් කරනු ඇත.

