අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින 10 තුළ දී නිකුත් කිරීමට සැලසුම් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර තිබෙනවා.
මේ සතිය තුළ දී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට උපරිම උත්සාහ ගන්නා බවත් මේ සතිය තුළදී නොහැකි වුවහොත් මේ සතිය අවසන් වී තව දින දෙක තුනක් ගත වීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී මාස එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ දී ප්‍රතිඵල නිකුත් කිරීම අධ්‍යාපන ක්‍රමවේදයේ එක් ජයග්‍රාහී සන්ධිස්ථානයක් ලෙස දැකිය හැකි වනවා.
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වැනිදා ආරම්භ කර මැයි 15 වැනිදා අවසන් කෙරිණි.
මෙවර විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 452, 979ක් පෙනී සිටින අතර පාසල් අයදුම්කරුවන් 387, 648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් විභාගයට අයදුම් කර තිබිණි.

