හිරු නැගීම – 05 : 55
හිරු මුදුන් වීම – 12 : 11
හිරු බැසීම – 18 : 27
අද ජුනි විසිහතර වෙනිදා, සඳුදා.
අද අලුත් සතියක ආරම්භය. අදින් පටන් ගන්න සතිය මේ මාසේ අන්තිම සතියත් වෙනවා. ඒ කියන්නේ ආයේ එන සඳුදා දවස කියන්නේ අලුත් මාසයක්.
මේ මාසේ ඔයාට අතපසු වුණු වැඩක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ සතිය ඇතුලත ඒ දේවල් කරලා ඉවර කරන්න උත්සාහ කරන්න. එතකොට හිත නිදහසේ සැහැල්ලුවෙන් අලුත් මාසෙට යන්න පුළුවන්.
මේ ලෝකේ හැදිලා තියෙන රටාවට අපිට යම්තාක් දුරට හැඩගැහෙන්න වෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන්ම මිදිලා යන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි ලේසියෙන් ඒ system එකෙන් මිදිලා යන්න පුළුවන් වෙන්න ඒ system එක හදලාත් නැහැ. ඉතින් අමාරුවෙන් හරි ඒකත් එක්ක පොඩ්ඩක් යන්න අපිට සිද්ධ වෙනවා.
අද දවස දිහා බැලුවොත් එහෙම අද International Fairy Day – ජාත්‍යන්තර සුරංගනා දිනය. අහන්න නම් හරිම ලස්සන දිනයක් නේද අද…. කොයි කවුරුත් පුංචි කාලේ ඉඳන් ආස අය නේ සුරංගනාවියෝ කියන්නේ.
එක එක ජාතියේ සුරංගනාවියෝ ගැන අපි දන්නවා නේ.. විවිධ මැජික් වැඩ කරන අය මෙයාලා. pixies, sprites, brownies, leprechauns වගේ සුරංගනාවියෝ ගොඩක් සාහිත්‍යයේ දක්වලා තියෙනවා. මෙයාලගේ හැකියා, ස්වරූප එකිනෙකට වෙනස්.
සමහර සුරංගනාවියෝ හොඳ අය වුණත් සමහර අය නම් නරක නපුරු අය විදිහටත් සාහිත්‍යයේ දක්වලා තියෙනවා. ඒ වගේම මෙයාලා හතු, කුඩා පැදුරු ආශ්‍රිතව ඉන්නවා කියලාත් කියනවා.
කොහොම වුණත් මෙයාල ඇත්තටම මනකල්පිත ජීවින් කොටසක් නේ… රසාස්වාදය සඳහා නිර්මාණය කරලා තියෙන මෙයාලා ජනකතා හරහා ඇවිත් වර්තමාන සාහිත්‍යයේ කොටසක් වෙලා තියෙනවා. ඩිස්නි කතා වල නම් සුරංගනාවියෝ කියන්නේ නැතුවම බැරි චරිතයක්.
අද දවසේ එහෙනම් සතුටින් ඉන්න
ජය වේවා! තෙරුවන් සරණයි!

