වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 966, 604ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එසේම ජුනි මාසයේ මේ දක්වා පමණක් සංචාරකයින් 69.825 ක් පැමිණ තිබෙනවා.
ජනවාරි මාසයේදී සංචාරකයින් 208,253ක්, පෙබරවාරි මාසයේදි සංචාරකයින් 218,350ක්, මාර්තු මාසයේදී සංචාරකයින් 209181ක්, අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148,867ක්, මැයි මාසයේදි සංචාරකයින් 112,128 ක් ලෙස මෙරටට පැමිණ තිබේ.
රුසියාව, ඉන්දියාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා.

