ත්‍රී පෝෂ කම්හල වසා දමයි

ත්‍රී පෝෂ නිශ්පාදනයට බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇළ ත්‍රී පෝෂ කම්හල වසා දමා ඇති බවට වාර්තා පළ වනවා.

එහි සේවකයින් සති 3ක කාලය​ක් තිස්සේ පවතින තත්ත්ව හේතුවෙන් නිවෙස් වළ රැඳී සිටින බව වාර්තා වනවා.

පාලන මිලක් නියම කිරීමත් සමඟ එම මිල​ට ගැලපෙන පරිදි ටෙන්ඩර් කැඳවීමට ආයතනය පියවර ගෙන ඇති මුත් එම මිලට ටෙන්ඩර් ඉදිරිපත් නොවීමෙන් මෙම ගැටලුව මතුව තිබේ.