Apple සහ Microsoft පසු කරමින් Nvidia සමාගම ලොව ධනවත්ම වෙළඳ වටිනාකමක් ඇති සමාගම බවට පත්ව තිබෙනවා.
ඒ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.335ක වෙළඳපල වටිනාකමක් ලබාගනිමින්.
මෙහි දෙවන ස්ථානය Microsoft සමාගම වන අතර එහි වටිනාකමක ඒ ඇ.ඩො ට්‍රිලියන 3.317 වන අතර තුන්වන ස්ථානය හිමිකරගත් Apple සමාගමේ වටිනාකම ඒ ඇ.ඩො ට්‍රිලියන 3.285 ක්.
Nvidia සමාගමේ වටිනාකම මේ වසරේ ආරම්භයේ සිට එහි මිල මෙන් දෙගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
Nvidia Global Business Development හි ප්‍රධානී Chris Penrose මහතා පවසා සිටියේ ” ඇත්තෙන්ම මෙය අපට කළ හැකි වූයේ අප සමඟ වැඩ කරන සියලු දෙනා නිසා ඔවුන්ට ගොඩක් ස්තූතියි. උත්පාදක AI (Generative AI) තාක්ෂණය ලොව පුරා ව්‍යාපාර හා සන්නිවේදන තාක්ෂනයන් විශාල පරිවර්තනයක් ඇතිකරනවා.අපි තවතමත් එහි ආරම්භයේ සිටින්නේ.
AI ක්ෂේත්රයේ වසර 30කට වැඩි කාලයක් කැපවීමෙන් කළ සේවයේ ප්‍රතිඵලයක් ලෙස සමාගම මෙම වාර්තාගත අගය ලබා ගැනීමට හැකි වූ බව ඔහු තව දුරටත් සඳහන් කරනවා.

