තැපැල් මුද්දරයක අවම ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවක්

තැපැල් මුද්දරයක අවම ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ නැංවීමට අදාළව මුදල් අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට විසින්.

ඒ සදහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය කඩිනමින් අපේකෂා කරන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

තැපැල් මුද්දරයක දැනට පවතින අවම මිල රුපියල් 50 ක් වනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට වැඩිදුරටත් කියා සිටියේ අදාළ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ඒ තුළින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 05 ක පමණ අතිරේක ආදායමක් ලැබෙන අතර දෙපාර්තමේන්තුව පාඩු ලැබීම අවම කර ගැනීමට ඒ තුළින් පිටිවහලක් ලැබෙන බවයි.