පැරිස් ඔලිම්පික් උළෙලට අධික උණුසුමෙන් බාධා වෙයි ද

ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් තරඟාවලියට එරට පවතින අධික උණුසුම හේතුවෙන් බාධා එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

පැරිස් ක්‍රීඩා උළෙල අතරතුර එම ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍යය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 3 ට වඩා වැඩි විය හැකි බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ.

මෙම ඉහළ යන උෂ්ණත්වය හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇති විය හැකි බවට ඔවුන් අවධාරණය කරනවා.

මෙම අධික උණුසුමෙන් ඇති වන බලපෑම අවම කර ගැනීම සඳහා එළිමහන් තරඟ උදෑසන සහ සවස් කාලයේ පැවැත්වීමට තරඟ බලධාරීන් තීරණය කර තිබෙනවා.

මෙවර ඔලිම්පික් උළෙල ජූලි 26 දිනෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.