එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ කොටසක් ලෙස සුඩානයේ යොදවා සිටින ඉන්දීය භට පිරිස් සහ චීන භට පිරිස් අතර කඹ ඇදීමේ තරගයක් පවත්වා තිබෙනවා.
එහිදී කැපී පෙනෙන කඹ ඇදීමේ තරගයකින් අනතුරුව ඉන්දීය භට කණ්ඩායම ජයග්‍රහණය කළ බවයි සුඩාන හමුදා නිලධාරීන් විසින් තහවුරු කර ඇත්තේ.
එම කඹ ඇදීමේ තරගයේ දර්ශන ඇතුළත් වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වී තිබෙනවා.
භට පිරිස් අතර ඇති ආදර්ශමත් සුහදත්වය සහ තරඟකාරිත්වය පෙන්නුම් කිරීම සඳහා පැවැති බව සුඩාන හමුදාව පවසයි.
ශාරීරික ශක්තිය සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කරමින්, ඉන්දියානු භට පිරිස් ඔවුන්ගේ ශක්තිය සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කරමින්, චීන කණ්ඩායමට එරෙහිව කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබා ගත් බවත් ඔවුන් පවසා තිබෙනවා.
එය සුහදශීලී නමුත් උද්යෝගිමත් තරගයක් බවයි ඔවුන් පවසන්නේ.

