දෛනික බිත්තර පරිභෝජනය මිලියන 7 ඉක්මවයි

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ මේ අනුව මෙරට දෛනික බිත්තර පරිභෝජනය මිලියන 07 ඉක්මවා ඇති බවයි.

සංචාරක කර්මාන්තය තුළ විදේශ සංචාරකයින් ඉහළ යාම, මස් සහ මාළු මිල ගණන් ඉහළ යාම හමුවේ මෙලෙස බිත්තර පරිභෝජනය ද ඉහළ ගොස් තිබෙනවා.