ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ඩොලර් මිලියන 320ක ගිවිසුම්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ආයෝජකයින් රැසක්, ඩොලර් මිලියන 320ක වටිනාකමකින් යුත් ගිවිසුම් අත්සන් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මෑත කාලීනව මෙරට ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කළ සමාගම් 30ක නියෝජිතයින් සමග කොළඹදී ඊයේ (30) පැවති සාකච්ඡාවකදීයි.

අදානි සමාගම සමග ගිවිසුමකට ලබන සතියේ අත්සන් තබන බව ද ඔහු එහිදී සඳහන් කළා.