වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අදත් (31) දිනයෙත් ක්‍රියාත්මක වනවා.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව ඊයේ (30) පෙරවරුවේ ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන් පිරිසක් සේවයට වාර්තා නොකළ අතර ඇතැම් ප්‍රදේශවල සිසුන් පාසල් වෙත පැමිණ හැරී ගොස් තිබුණා.
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා පිලිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විශේෂ කමිටුවක් පත්කර ඇති පසුබිමකයි ඔවුන් මෙම ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.
කෙසේවෙතත් කොළඹ ප්‍රදේශයේ පාසල් රැසක ගුරුවරුන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කර තිබු අතර එම පාසල් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවයි වාර්තා වෙන්නේ.
එහෙත් කොළඹින් පිට ඇතැම් ප්‍රදේශවල පාසල්වලට ගුරුවරුන් නොපැමිණීම නිසා අධ්‍යන කටයුතුවලට බාධා එල්ල වුණා.
එවන් පසුබිමක ඇතැම් දෙමාපියන් පාසල් වෙත පැමිණ දරුවන් යළි නිවෙසට කැඳවා ගෙන යාමටයි කටයුතු කළේ.
මේ අතර, සිය වෘත්තිය ක්‍රියාමාර්ගය සාර්ථක බවයි ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ නියෝජිත පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ.

