Philadelphi Corridor නමින් හැඳින්වෙන ගාසා-ඊජිප්තු දේශසීමාවේ ඇති කලාපය ඊශ්‍රායල හමුදාව විසින් අත්පත් කර ගෙන තිබෙනවා.
මේ සමඟම ගාසා තීරයේ මුළු ගොඩබිම් දේශසීමා සියල්ලම දැන් ඊශ්‍රායලය විසින් පාලනය කරනු ලබනවා.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) ප්‍රකාශකයෙකු පැවසුවේ, හමාස් සංවිධානය විසින් ගාසා තීරයට ආයුධ රැගෙන යාම සඳහා භාවිතා කරන ලද උමං මාර්ග 20 ක් පමණ කලාපය තුළ තිබී සොයාගත් බවයි.
IDF විසින් රෆාහි සහ ගාසා තීරයේ වෙනත් තැන්වල සිට පහර දීම දිගටම සිදු කරමින් සිටින අතර, පසුගිය දිනයේදී ගුවන් ප්‍රහාර “ත්‍රස්ත ඉලක්ක” 50කට වඩා වැඩි ප්‍රමාණයකට පහර දුන් බවයි ඊශ්‍රායල මාධ්‍ය සඳහන් කරන්නේ.

