රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයෙන් ලබා දීමට ගැසට් කර ඇති රුපියල් ලක්ෂ 50ක මුදල අවශ්‍ය නොවන බව මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
තමන් වහන්සේ ජනතාව සමඟ එක්ව මෙවරත් පොසොන් උත්සවය පැවැත්වීමට කටයුතු කරන බවයි ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.
මිහින්තලය පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් මෙවරත් මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා.
පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙමින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පසුගිය වසරේ ද පියවර ගත්තේ ඒ සඳහා රජයෙන් ගැසට් කරන ලද මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින්.

