ජාතික පරිසර සතිය අදින් ආරම්භ වනවා.
ජගත් පරිසර දිනයට සමගාමීව අද(මැයි 30) සිට ජුනි 05 දක්වා ජාතික පරිසර සතියක් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව එහි පළමු දිනය වන අද දිනය තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙස නම් කර තිබේ.
අද දින ප්‍රධාන වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්දු කර ගනිමින් පැවැත්වෙන අතර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ද හායනයට පත් භූමි ප්‍රතිනිර්මාණය කිරීම හා පතල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිතව තිබෙනවා.
එසේම දිවයින පුරා පළාත් පාලන ආයතන වල මූලිකත්වයෙන් එම පළාත් පාලන බල ප්‍රදේශ තුළ කැණීම් කටයුතු, පස් කැපීම, වැලි ගොඩ දැමීම හා විනාශය හේතුවෙන් හායනයට ලක්ව ඇති භූමි වේ නම්, හැකි පමණින් එම භූමි ප්‍රතිනිර්මාණය සඳහා සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
ජාතික පරිසර සතිය තුළදී රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික අංශය, වැවලි සමාගම් හා වතු ක්ෂේත්රය , සිවිල් සංවිධාන හා ප්‍රජාව සමබන්ධ කරගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
පරිසර දින ජාතික උත්සවය එළඹෙන ජුනි මස 5 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් , කලවාන , කුඩව සිංහරාජ පිවිසුම අසලදෑ පැවැත් වීමට නියමිතය.

