සංගීත ක්ෂේත්රයට දහස් ගණනක් ගීත දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මියයන විට 94 වියේ පසුවුණා.
ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමඟයි.
ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

