ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද (30) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළේ, වැටුප් විෂමතාවට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් මෙය ක්රියාක්මක කරන බවය.
මේ අතර වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 29ක් වනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු අඩාල වී ඇති බවයි.
අනධ්‍යන සේවකයින් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, එකඟ වූ මාසික හිලව් දීමනාව සහ 2016 වසරේ කප්පාදු කළ 15%ක වැටුප ලබා දීම ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නැයි රජයට බලකරමිනි.

