ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය ඉහළට

අප්‍රේල් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 8% කින් පමණ ශක්තිමත් වී ඇති බවයි.

රුපියලේ අගය ඉහළ යාම උද්ධමනය අඩු කිරීමට සහ සමස්ත ජීවන වියදම අඩු කිරීමට සහ විදේශ ණය ගෙවීමට පහසුවක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමගින් ගෝලීය වශයෙන් මෙරට මූල්‍ය ශක්තිය පිළිබඳ විශ්වාසය වැඩි කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.