දිස්ත්‍රික්ක 05කට නාය යැමේ අනතුරු ඇඟවීමේ නිවේදන

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 21 කට නාය යැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නෙළුව ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දෙහිඕවිට, මාවනැල්ල, ගලිගමුව සහ දැරණියගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස  නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇලපාත,කිරිඇල්ල, කලවාන, සහ අයගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ , ඇහැලියගොඩ  රත්නපුර සහ ඉඹුල්පේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනද නිකුත් කර ඇත.

ඊයේ පස්වරුවේ නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද 30 වනදා සවස 4.00 වනතුරු බල පැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

වැසි තත්වය තව දුරටත් පවතී නම් ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසත් ඔවුන් ඉල්ලීමක් කරනවා.