ක්රියාත්මක වන ඇඳිරි නීතිය ජූනි මස1 වන සඳුදා තෙක් මුළු දිවයිනටම බලාත්මකව පවතී.
ඒ අනුව හෙට(31) ජුනි 04 සහ පොසොන් පොහොය යෙදෙන 05 වැනිදා සිකුරාදා යන දින තුනේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.
ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණයි.
ජූනි 04 බ්රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්රියාත්මක වෙයි.
ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්රීක්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්රියාත්මක වන්නේ පෙර පරිදි රාත්රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.
එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්රික්ක හැර සෙසු දිස්ත්රික්ක අතර ගමනාගමනයට අවසර හිමි වෙනු ඇත.

