Dhadak 2 චිත්‍රපටය ලබන නොවැම්බරයේ තිර ගත වෙයි

2018 වසරේ දී තිර ගත වී ප්‍රේක්ෂකයන්ගේ මහත් ආදරයට පත් වූ Dhadak චිත්‍රපටයේ දෙවන දිගහැරුම Dhadak 2 ලබන නොවැම්බරයේ තිරගත වීමට නියමිතව තිබෙනවා.

මෙහි ප්‍රධාන පිරිමි චරිතය Neelesh ලෙස නම් කර ඇති අතර එය Siddhant Chaturvedi විසින් රඟදක්වනු ඇත.

ප්‍රධාන කාන්තා චරිතය Vidhisha ට පණ පොවන්නේ ජනප්‍රිය නිළි Triptii Dimri වනවා.

Instagram හි post එකක් පළ කරමින් Karan Johar Dhadak 2 චිත්‍රපටය සම්බන්ධයෙන් සඳහන් කර ඇති අතර ඔහු පවසන ආකාරයට මෙම චිත්‍රපටයේ ද ඇත්තේ දුක ගෙන දෙන අවසානයක් වනවා.

Neelesh සහ Vidhisha දෙදෙනා වෙනස් කුල වලට අයත් වීම හේතුවෙන් ඔවුන්ගේ ආදර කතාව සම්පූර්ණ නොවන ආකාරයේ කතාවක් මෙහි අන්තර්ගත වන බවයි සඳහන් වෙන්නේ.

Shazia Iqbal විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙනවා.