සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හෙට (28) දිවයින පුරා පැවැත්විමට සූදානම්ව තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අයහපත් කාලගුණය හේතුවෙන් ලබන සතිය දක්වා කල් දැමූ බව එම සන්ධානයේ කැඳවුම්කරු පවසනවා.
ඒ අනුව ලබන සතියේදී එක් දින හෝ දෙදිනක සම්පූර්ණ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට මේ වන විට තීරණය කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
බ්‍රහස්පතින්දා දින නැවත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නායකත්ව මණ්ඩලය කැඳවා වර්ජන ක්‍රියාමාර්ගය සිදු කරන දිනය ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා

