නාවික හමුදාවේ 1,289කට පොදු සමාව

පොදු සමා කාලය තුළදී නාවික හමුදා සාමාජිකයින් 1,289ක් බාරවී ඇතැයි වාර්තා වෙනවා..

මේ අතර සේවයට වාර්තා නොකොට විදෙස්ගතව සිටි නාවික හමුදා සාමාජිකයින් 35ක් මාර්ගගත ක්‍රමයට බාර වූ බවයි නාවික හමුදාව පවසන්නේ.

මොවුන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට කටයුතු කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙම පොදු සමා කාලය 2024 අප්‍රේල් 20 වැනිදා සිට මැයි 20 දක්වා ප්‍රකාශයට පත්කොට තිබුණා.

මේ අයුරින් ත්‍රිවිධ හමුදාව හැරගිය අය සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසිනුයි මෙම පොදු සමා කාලය ලබාදී තිබුණේ.