විමල් වීරවංශගෙන් බොදු බැති ගීයක්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ගීතයක් එලිදක්වා තිබෙනවා.

ඔහු විසින් ගායනා කරනු ලබන එම ගීතයට රූප රචනාවක්ද එක් කර අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

‘සලපතල මළුව’ නමින් වූ මෙම ගීතය වෙසක් පොහොය දිනය නිමිති කොට ගෙන එලි දක්වා ඇත.